2011 වසරේ පොදු ජනයාට ආදරය කරන නායකයෙක් පහල වෙයි


ලංකා භුමි  ලග්නයට අනුව 2011 ජනවාරි 27 ශනි ග්‍රහයාගේ වක්‍ර ගමනක් අනුව විවිධ අකාරයේ ශුබ දායක නොවන කාලප්රිච්චේදයක් නිසා සාමය සමගිය සුරකින පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා යහපත් වන අතර ශනි ග්‍රහය බලහත්කාරකම් නොඉවසන ඒ සදහා බලවත් විරෝධය දක්වන ග්‍රහයෙකි.

ශනි ග්‍රහයාගේ වක්‍ර ගමන රාශි අන්තය ආසන්නයේ වීම අධාර්මික පිරිස් වෙත බලවත් විපාක දීමට සාධක වෙයි.

2011 අගභාගයේ ශනි ග්‍රහය බලවත් වීම පොදු ජනතාවට ආදරය කරන නායකත්වයක් කෙරෙහි ජනතා ආකර්ෂණය ඇතිවන්නේය.පොදුවේ මුළු විශ්වයේම ග්‍රහ බලයද සද්භාවයෙන් කටයුතු කරන අවංක ගුණ යහපත් නිරහංකාර මිනිසුන්ට ආශිර්වාදයක් වෙයි.

උණවටුන වෙරලේ සාදයක්

පසුගිය 22 වනදා උණවටුන වෙරල තීරයේ දේශීය විදේශීය අයගේ එකමුතුවෙන් පැවැත්වූ සාදයක ජායාරුප එකතුව 

පොල් ගසක් මැදි කර නිවස තැනූ අපූරු මිනිසා

කඩුවෙල පදිංචි ලංකා දුම්කොල සමාගමේ විශ්‍රාමිකයකු වන ස්‌ටැන්ලි තිලකවර්ධන මහතා හැට තුන් හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.ඔහුගේ නිවසේ විශේෂත්වය වන්නේ ඉඩමේ තිබූ පොල් ගස ඉවත් නොකොට පොල්ගස මැදි කොට ගෙය ඉදි කිරීමයි.

"අපි මේ ඉඩම ගනිද්දි පොල් ගස්‌ දෙකක්‌ තිබුණා. ඉඩම පර්චස්‌ දහයයි. ප්ලෑන් එක අනුව පොල්ගස්‌ දෙකම කපන්නයි තිබුණේ. නමුත් මට හිතුන ගස මැදි කරල ගේ හදන්න. බලන් හිටපු හැම දෙනාම කිව්ව ඔය මොකක්‌ද කරන මෝඩ වැඩේ කියලා. ඒත් උඩ තට්‌ටුවෙ බැල්කනිය මැදින් පොල් ගහ යන විදිහට ගේ හැදුව.
පොල් කඩනකොට ගස්‌ නගින කෙනා උඩ තට්‌ටුවට නැගල එතන ඉඳන් ගහට නගිනවා. ගෙට වැටෙන්නෙ නැති විදිහට පරිස්‌සමින් ගෙඩි කඩනවා.

අපේ මුළු පවුලටම මේ පොල් ගහ ඇති. අද පොල් ගෙඩියක්‌ රුපියල් හැටක්‌ විතර. පොල් ගස්‌ කපපු කැපිල්ලට මේ මිලට තිබෙන එකත් ඇති. නීති ගෙනාවෙ පරක්‌කු වෙලා.

පාරේ යන හැම දෙනෙක්‌ම නතර වෙලා ගේ දිහා බලලා හිනා වෙලා යනවා.ඒකත් ලොකු දෙයක්‌නෙ." 

දිවයින ඇසුරිනි

රත්නසිරිගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අප්‍රසාදය පිටට පනී

Updated 12/30 9:00 am

ආණ්ඩුවේ විවේචනය තවදුරටත්

සුගිය දිනක ඉංගිරියේ පැවති උත්සවයකට සහභාගිවෙමින් රජයේ සැලැස්මක් නැති වැඩ ගැන හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කතාවක් කලා.

එහිදී අදහස් දැක්වූ එතුමා 

 "තමුන්නාසේලාට අද විශාල වේදනාවකට මුහුණ දීල ඇති අද පවත්නා බඩු මිල ගැන කල්පනා කරන කොට. සෑම දෙයක්ම ඉහල ගිහිල්ල. නැතෙයි කියන්න බෑ කාටවත්.නැතෙයි කියන්න හරි නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕන අපි".

සම්පූර්ණ කතාව

---------------------------------------------------------------------------------------------------------------
හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සදහා පැවති උත්සවයකදී ආණ්ඩුවේ  විවේචනය කරමින් කතාවක් සිදු කළේය.

එහිදී අදහස් දැක්වූ එතුමා
"අපි වවමු රට නගමු කියා කිව්වට  සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ.විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා.

මේ සදහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ".
සම්පූර්ණ කතාව

අරලිය ගහ මැදුරේ සර්පයාට එරෙහිව විමල්


ජනපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමනින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් ලිහිල් කල තත්වයක් දක්නට ලැබුණි.ඒ සදහා වූ මුලික සිදුවීම වුයේ ශ්‍රී ලංකාවට ඒමට තහනම් කොට තිබු බන් කි මුන්ගේ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදීමට විදේශ අමත්‍යංශය කටයුතු කිරීමයි.

එම කමිටුව ඇමිණීම කෙරෙහි ආණ්ඩුවේම විවිධ පක්ෂ විරෝධය පල කිරීමේදීත් විදේශ අමත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම පසුපස රගපෑ ප්‍රධාන පුද්ගලයා වුයේ අන් කවරෙකුවත් නොව මෙයට පෙර අප විසින් හෙළි කල අරලිය ගහ මැදුරේ සර්පයා නොහොත් සජින් වාස්ය.

පසුගියදා ජනාධිපතිවරයා සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමගම ඔහුට උපදෙස ලැබුනේ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවතින මතබෙදකම් හැකිතාක් දුරට අවමකර ගැනීමටත් බටහිර රටවල් සමග මිතුරු කමක් ගොඩ නැගීමටත් කටයුතු කරන ලෙසටයි.

ඒ අනුව සජින් අධීක්ෂණ මන්ත්‍රී ධුරය බාරගත් සැනින් කලේ විද්වත් කමිටුවට ශ්‍රීලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබාදීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සුහදතාවයක් ගොඩ නාග ගැනීමට උත්සහ කිරීමයි.නමුත් සජින්ගේ මෙම වෑයමට මුලින්ම විරෝධය එල්ල වුනේ විමල් වීරවන්ශගෙනි. 

ජ.නි.පෙ සාමාජික පියසිරි විජේනායක පසුගිය ද පුවත්පත් සාකච්චාවක් කැදවමින් කියා සිටියේ විදේශ අමාත්‍යංශයට කොටි රිංගගෙන ඇති බවත් එම දේශ ද්‍රෝහීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටය.ඒ අනුව මේ වන විට මුන්ගේ කමිටුවට ලංකාවට ඉඩ දීම තුල සජින් හා විමල් අතර සිතල යුද්ධයක් හටගෙන ඇත. 

නැව් එන්නෙ නැති මාගම්පුර වරාය

Update 12/29

පසුගිය දිනවලදී මාගම්පුර වරාය පිලිබද නැගුනු චෝදනා පිලිබදව නි. ඇමැති නිර්මල කොතලාවල නිවේදනයක් කර තිබෙනවා. 





ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් - අපිට සහතික ඕන නෑ


ලෝකයේ කිනම් හෝ රටකට සිය අභිමතය පරිදි වරායක්‌ ඉදි කිරීමේ හැකියාව පවතින අතර එසේ ඉදිකළ වරායක්‌ ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්‍ෂණ නියාමන පද්ධතියට අනුව සහතික කළ යුතු අතර ජාත්‍යන්තර සමුද්‍රික සංවිධානයට ඒ බව දැනුම්දිය යුතුය. ඉන් අනතුරුව එමගින් එකී වරාය ආරක්‍ෂිත වරායක්‌ ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කෙරෙයි.

ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක්‌ වන අතර අපගේ වරායන් පිළිබඳ වෙනත් කිසිදු රාජ්‍යයක්‌ මගින් ලබාදෙන සහතිකයක්‌ අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ පවතින වරායන් පිළිබඳ සියලු සහතිකයන් ශ්‍රී ලංකාවේ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාත්‍යන්තර සමුද්‍රික ප්‍රවාහය වෙත නිකුත් කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින සියලු වරායයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පත්වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් හාබර් මාස්‌ටර්වරයා එකී වරායන්ගේ සමුද්‍රික හා යාන්ත්‍රික ගැඹුර පිළිබඳ මෙන්ම ඒවායේ පවතින ආරක්‍ෂිත නිර්ණායකයන් පිළිබඳ නිල තොරතුරු ලබා දෙයි.

-----------------------------------------------------------------------------------------------------------------


පසුගිය නොවැම්බර් 18 වනදා හම්බන්තොට වරාය ජනාධිපතිතුමා විසින් විවෘත කලේ ජනතාවගේ අතිමහත් බලාපොරොත්තු මැදය.

දවසකට නැව් 4ක් වත් ඒවි - විමල්
වරාය විවෘත කිරීමට පෙර විමල් වීරවංශ ඇමති තුමා ඔහුගේ කතාවකදී කියා සිටියේ හම්බන්තොට වරාය පසුකරගෙන දිනකට නැව් 400 ක් පමණ යන බවත් එයින් දිනකට නැව් 4 ක් වත් මාගම්පුර වරාය විවෘත කල පසු  වරායට පැමිණෙනු ඇති බවය.

ආපූ නැව් සේරම ලංකාවේ නැව්
එහෙත් අද වන විට තත්වය එසේ නොවේ.මෙතෙක් වරායට පැමිණ ඇති සියලුම නැව් ලංකාවේ නැව් ය.මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයති "සේරුවිල" නම් නමැති නැව අතර එය පිටු පසින් පැමිණියේ නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ වරාය අධිකාරියට අයත් කෝටි ගණනක් දී වරාය විවෘත කිරීම සදහා සැරසු "ප්‍රදීපා" නමැති බෝට්‌ටුවයි.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටියේ පලවෙනි නැව දෙසැම්බරයේ පැමිණෙන බවයි.එසේ නැව් පැමිණීමට වරායට විශේෂ දිනයක් ,මාසයක් අනවශ්‍ය අතර අදාල නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් ඕනෑම මොහොතක අදාළ අවසරය ඇතුව නැවකට වරායට ඇතුල් විය හැකිය.මාගම්පුර වරායට නැව් නොපැමිණීම පිටුපස ඇති කාරණය වන්නේද වරායක තිබිය යුතු නීතිමය සුදුසුකම් සපුරා නොතිබීමයි.



බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි/ISP සහතිකය/වරායේ සිතියම තාම නෑ
ප්‍රධානම කාරණය වන්නේ නාවික නිතිය අනුව වරායක් විසින් ලබාගත යුතුව තිබෙන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මාගම්පුර වරාය වෙත මෙතෙක් නොලැබීමයි.ලොව නැව් ගමන් ගන්න සියලුම නැව් "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි"සහතිකය යටතේ සිතියම් කරනු ලැබෙනු අතර වරායකට එය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක්ද වෙයි. 


"බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. තවද වරාය සම්පුර්ණ කිරීමෙන් පසු වරායේ සිතියමක් නිකුත් කල යුතු වන අතර මාගම්පුර වරාය එය මෙතෙක් ඉදිරිපත්කොට නෑ.

තවත් නීතිමය අවශ්‍යතාවයක් වන වරාය සුරක්ෂිත බව තහවුරු කරන International Ship and Port Security Certificate සහතිකයද මාගම්පුර වරායට මෙතෙක් ලැබී නැහැ. 


බලෙන් නැව් ගෙන්වා ගැනීම

මෙම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගැනීම වෙනුවට රජය කරන්නේ බලෙන් නැව් වරායට ලගා කර ගැනීමටයි. චීනයේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ හම්බන්තොට වරායට යොමු කිරිමට රජය තීරණය කලා.නමුත් මාගම්පුර වරායේ ගැටළුකාරී තත්වය නිසා මුළු පොහොර තොගයම කොළඹ වරායේ ගොඩ බෑමට සිදු වුනා. 


ආසියාවේ ආශ්චර්ය කරමු
මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.නමුත් මෙවැනි ප්‍රබල දුර්වලතා එතුමාට මග හැරීමට නොහැකිවීම පුදුමයට කරුණක්.වඩා වැදගත් වන්නේ ජනතාවට පෙනෙන්න මාගම්පුර වරායට නැව් ගෙන්වීම නොව අවශ්‍ය නිත්‍යානුකුල පසුබිම සකස් කරගෙන වරායට කල ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගැනීමයි.

මර්වින්ගේ අලුත් සැප වාහනය

 Update 12/26
 මර්වින් සිල්වාගේ ජගුවර් රථයේ ජායාරූප


---------------------------------------------------------------------------------------------------------------
11/14
මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා විසින් අලුත්ම අධි සුඛෝපබෝගී වාහනයක් වන ජගුවාර් XJ වර්ගයේ රථයක් ආනයනයකොට ඇත.
 

මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 184 වන අතර එහි අඩංගු බද්ද ලක්ෂ 106 ක් වනවා නමුත් අමාත්‍යවරයාට වාහනය ගෙන්වීමෙදි සමහර බදු වලින් නිදහස් කොට ඇති අතර ඒ අනුව අමාත්‍යවරයාට ගිය මුළු වියදම වන්නේ ලක්ෂ 112 කට ආසාන්න මුදලක්.

අමාත්‍යවරයාට බදු සදහා වියදම්ව ඇත්තේ ලක්ෂ 35 කට ආසන්න මුදලක් පමණි.වාහනය ගෙන්වීමට අදාළ සියලු ලිපි ලේඛන වලට අත්සන් තබා ඇත්තේ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරියකු වන සෑම් කෝරලගේ විසිනි.මෙම රථය පසුගිය 6 වනදා කොළඹ වාරයට ගෙනවිත් තිබෙනවා.

ගෙන්වූ ජගුවාර් රථය

සජිත් අන්‍යාගමිකයෙකු බව කී දිවයින සමාව ගනී

පසුගිය සති අන්ත (12/28) දිවයින පුවත් පතේ ‘මහින්ද, රනිල් හා සජිත්’ යන ශීර්ෂය සහිතව මේඝ යන අන්වර්ත නාමයෙන් යුක්තව පල කර ඇති දේශපාලන විග‍්‍රහයේ එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටී යන අදහස මතු වන ආකාරයේ කොටසක් විය.

පහත දැක්වෙන්නේ ලිපියේ එම කොටසයි

‘‘මහින්ද ඉතා නිවැරදිව ග‍්‍රහණය කරගත් ජාතික අනන්‍යතාව හා සංස්කෘතික වටිනාකම් ගැන රනිල් උනන්දු වූයේම නැත. මේ රටේ දේශපාලනය අදත් ඇඳී තිබෙන්නේ ඒ ජාතිකත්වය සමගය. මහින්ද දෙස බලා සජිත් ද පන්සල්වලට යැමට පටන් ගත්තා පමණක් නොව පන්සල්වලට ආධාර අනුග‍්‍රහ කිරීමටද පටන් ගත්තේය. 

එහෙත් එය මහින්දගේ මාවත තරම් පැහැදිලි එකක් නොවීය. එක් හේතුවක් පේ‍්‍රමදාස පවුල පිළිබඳව හා ආගමික පසුබිම් පිළිබඳව පැතිරී ගිය කතාය. ඔවුහු කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටිතියි සමහරු කීහ’ සජිත් එහිදී තමා එයට අයත් නොවන බව කීවත් එය ජනතාව පිළිගන්නේද යන්න සැක සහිතය.’’

මෙම පුවත සම්බන්ධව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාට දුරකතනයෙන් කල පැහැදිලි කිරීමකට අනුව අද දිවයින පුවත්පතේ (12/26) එම පලවූ ලිපියට කණගාටුව පලකොට ඇත.

චාමර කපුගෙදර යුගදිවියට

කපුගෙදර - තමාරා අතිනත ගත් දා


ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පසුගිය බ්‍රහස්පතින්දා තමාරා ඩිරේක් සමග විවාහ දිවිය එළඹුණා. නිසා. විවාහ උත්සවය පැවැත්වුණේ වෝටර්ස් ඒජ් හෝටලයේදීයි

සති අන්තයේ කියන කතා (12/25)

මම කැමති හැමෝම එක්ක විනෝදෙන් ඉන්න - අංජුලා රාජපක්ෂ 

තාම මගේ ජිවිතේ එහෙම වෙනසක් නෑ - අතුල අධිකාරි 


රයිනිගේ කටහඩට මම ආසයි - චින්ති


චාමර කපුගෙදර අතිනත ගත් දා


මම විවාහ වුන නිසා රගපාන්නේ පරිස්සමින් - ඕශනී ඩයස් 


සචිනි මව් සිහිනය අභියස 


දෙන්න පුළුවන් ලොකුම සම්පත දම්මික මට දුන්න - සේමිණි


මගේ කාලය ඉවරයි කියල දැනුනු දාට ඉවත්වෙනවා - ශලනි තාරකා


අපේ රැකියාව ගැන දන්නැති අය ඔහොම කියනවා - සුරංගා  


ක දැක්කම හිතෙන්නේ මම උඩුකය නිරුවතින් වගේ - උත්පලා

රජයෙන් පනවන අලුත්ම නීති රීති


වාහන වල සීට් බෙල්ට් අනිවාර්ය කරයි
ඉංග්‍රීසි අකුරු අංක තහඩු සහිත වාහන වල ගමන් කරන්නන්ට ආසන ආරක්ෂක පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කර ඇත.

වාහන වේගසිමා නැවත ක්‍රියාත්මක කිරීම

අධිකරණයේ විභාගය වන නඩුවක් හේතුවෙන් මෙතෙක් කල් වාහන වේගසිමා නිතිය ක්‍රියාත්මක නොවුනත් අපරික්ෂාකරිව රිය පැදවීම යටතේ වේග සිමා නිතිය ක්‍රියාත්මක කිරීම

ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම තහනම්

ප්‍රසිද්ධ නගර වල නගරය දුෂණය වන ආකාරයෙන් මුත්‍රා කිරීම තහනම් කොට ඇත.

සුරතල් සතුන් ලියාපදිංචිය අනිවාර්යයි

නිවසේ ඇතිකරන සුරතල් සතුන් ලියාපදිංචි කිරිඉමට තීරණය කර ඇත. මේ සබරගමුව පළාත තුල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී දිවයින පුරා
ක්‍රියාත්මක වීමට නියමිතයි

බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම තහනම්

බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මදින්නන් අල්ලා නඩු පවරා රු. 5000ක අවම දඩයක් නියම කිරීම




ක්‍රියාත්මක වීමට නියමිත නීති

දෘශ්‍ය දූෂණයට නීති

කඳු මුදුන්වල සන්නිවේදන කුළුණු සැකසීම, ප‍්‍රසිද්ධ ස්ථානයන්හි දැන්වීම් පුවරු ඇති කිරීම වැනි කටයුතු රාශියකට විරුද්ධව නව රෙගුලාසි පැනවෙනු ඇ

කාන්තාවන්ට කොට ඇදුම් තහනම්
කාන්තාව දණහිසෙන් ඉහල ප්‍රදේශය නිරාවරණය වන සේ ඇදුම් ඇදීම හා ලිංගික හැගීම් උද්දීපනය වන ආකාරයෙන් විලාසිත කිරීම සිමා කිරීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කොට ඇත

නගරයට පැමිණෙන විට අනිවාර්යයෙන් පාවහන් පැලදීම
නගරයේ බුලත් කෙල ගසා අපවිත්‍ර කිරීම තහනම් කිරීම

බන්දුලගේ අපුරු කවිය

පසුගියදා පැවති රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන උළෙලට සහබාගි වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපුරු කවියක් තම කතාවේදී කිව්වා.

උමතුසන් වරුසාව එනවා
උමතුසන් වරුසාව එනවා
තෙමෙ
අය ඒ මහා වැස්සට
සිහි විකල් වී පරල වෙනවා
පිස්සන් රජ උනත් එකයි
රජුන් පිස්සෝ උනත් එකයි
කාගේ ගැණු කාට ගියත්
අපේ නමට ලැබෙයි ළමයි 


එයට අදාල වීඩියෝව

ගුගල් මැප් ආධාරයෙන් ගංජා හේන් වටලයි!


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජන මාරසිංහ මහතාගේ සහය ලබාගෙන ගුගල් මැප් ආධාරයෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සහ යාල වනෝද්‍යානයේ තැන තැන වල වගා කර තිබු ගංජා හේන් සහ එම ගංජා හේන් වලට යෙදු සහනාධාර පොහොර මිටි ද පැල්පත්වල තිබී සොයාගෙන ඇත. 

මෙම හේන්වල කාන්තාවන්ද සේවය කරන්නේ යෑයි ලැබුණු ආරංචි අනුව වැටලීම් සඳහා කාන්තා පොලිස්‌ නිලධාරිනියන්ද සහභාගි වී තිබෙන අතර මෙම වැටලීම් වලදී පුද්ගලයන් 40 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.සියලුම හේන්වල වවා තිබූ කංසා ගස්‌ කපා කොටා ගිනි තබා විනාශ කොට තිබේ.

ගැහැණු වෙස් ගත් පිරිමි නිසා ලංකාවේ facebook අනතුරේ

ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක්  භාවිතයෙන් සිදුවන අන්තර් ජාල අපරාධ මත කාලය තුලදී වැඩි වී තිබෙනවා. ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප‍්‍රකාශ කළේ පසුගිය හය මස තුළ පමණක් එවැනි අපරාධ 160ක් වාර්තා වී ඇති බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ දිනකට facebook සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් 15 ක් ලැබෙන බවයි. 

කෙල්ලෝ ලෙසින් එන කොල්ලෝ
මෙහි දක්නට ලැබෙන නව ප්‍රවනතාව වන්නේ තරුණයන් තරුණියන් ලෙසින් ව්‍යාජ ගිණුම් සාදාගෙන එමගින් තරුණියන් රැවටීමයි.දැනට ක්‍රියාත්මක වන ගිණුම් අතරින් බොහොමයක් ලාංකික තරුණියන්ගේ ගිණුම් ව්‍යාජ ඒවා බව හදුනාගෙන ඇත.බොහෝ ගිණුම් සාදා ඇත්තේ තම වෙබ් අඩවිය ප්‍රචලිත කර ගැනීමට,තරුණියන් සමග චැට් කිරීම වැනි කරුණු මතයි.

එවැනි ව්‍යාජ ගිණුම් හදුනාගන්නේ කෙසේද?
  • කාමුක ප්‍රොෆයිල් පින්තූර යොදා තිබීම
  • ගිණුමේ ඇති ජායාරූප සීමිත වීම
  • පෞද්ගලික තොරතුරු දක්වා නොමැති වීම
  • අසංවර බසින් status යෙදීම හා comment කිරීම
තහනම් කරන ඉඩකඩ අඩුයි
facebook වෙත ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල ගියත් එය තහනම් කිරීමට ඇති ඉඩකඩ සීමිත බව බෝහෝ දෙනෙකුගේ මතයයි.මන්ද එමගින් මානව අයිතිවසිකම් කඩවෙන බැවිනි.

facebook තුලින් ඔබටත් යම්කිසි අකටයුත්තක් සිදු වුවහොත් එ පිලිබදව www.slcert.gov.lk (ශ්‍රී ලංකා සර්ට් ආයතනය) දැනුම් දෙන්න

facebook තුලින් හමුවූ ගැහැණු වෙස් ගත් පිරිමි


live@8 එය වාර්තා කල ආකාරය

ජී.එල් ඇන ගනී



නේපාලයේ හටගෙන ඇති දේශපාලන අර්බුද විසැඳීමට මැදිහත් වන ලෙස එරට ජනාධිපති රාම් බරන් යාදෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගිය මාසයේ පුවත්පත්වල පල විය.

නමුත් ශ්‍රී ලංකාවේ හා නේපාලයේ මාධ්‍යවල මෙය ප්‍රචාරය වු සැනින් නේපාල රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් උපදෙස් නොඉල්ලු බවයි.

නේපාල රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කතාව පිළිබද ජි.එල් මෙතෙක් කල් නිහඩ පිලිවතක් අනුගමනය කලද නේපාලයේ පලවන හිමාලයන් පුවත්පත අද ප්‍රකාශයට පත්කොට සිටියේ කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රීලංකාව නේපාලයෙන් සමාව ගත් බවයි. 

හිත රිදුනනම් සමාවෙන්න
තමා නේපාල රජය සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් සිත රිදුණේ නම් ඊට සමාව අයදින බව විදේශ ඇමති ජී.එල් පීරිස් මහතා කියා ඇති අතර
අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකරන්නට ඇත්තේ එම අර්බුධ විසඳා ගැනීමට නේපාල රජය ශ්‍රී ලංකා රජයෙන් උපදෙස් ගනී යැයි බලාපොරොත්තුවෙන් විය හැකි බව නේපාලයේ පලවන හිමාලයන් පුවතපත කියයි.

ලංකාවේ ක්‍රීඩකයන් ඉන්දියාවේදි වෙන්දේසි වේ


ඉන්දීය පි‍්‍රමියර්ලීග් පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය සදහා කණ්ඩායම් වලට ක්‍රීඩකයන් බදවා ගැනීමට ක්‍රිකට් කී‍්‍රඩක වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.මෙම වෙන්දේසිය පැවැත්වෙන්නේ ජනවාරි 8  සහ 9 වනදායි. විවධ රටවල් වල සුපිරි ක්‍රීඩකයන් තෝරාගැනීමට ක්‍රීඩා කණ්ඩායම් අයිතිකරුවන්ගෙන් දැනටමත් දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

 මහේල-දිල්ෂාන්ට වැඩිම ලංසුවක්
එක් එක් කී‍්‍රඩකයින් වෙනුවෙන් තබන මූලික ලංසු මුදල තීරණය වී ඇති අතර ඉන් වැඩිම මූලික ලංසුව ඩොලර් ලක්‍ෂ 4 කි. මෙම ඩොලර් ලක්‍ෂ 4 නියමවූ කී‍්‍රඩකයින් අතරට විශ‍්‍රාමික කී‍්‍රඩකයින් වූ ඇඩම් ගිල්කි‍්‍රස්ට් ,බ‍්‍රයන් ලාරා, අනිල් කුම්බ්ලේ හා ලංකාවෙන් මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂානුත් ඇතුළත්. 


මුත්තයියා මුරලිදරන්ට හා කුමාර් සංගක්කාරට තබා ඇති මූලික ලංසු මුදල අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක්.

ඩැඩී ගෙන් අරාබිය

ඩැඩී ගායක කණ්ඩායමේ  නවතම ගීත එකතුව "අරාබිය" නමින් එලි දක්වා තිබෙනවා.මේ එහි ඇතුලත් අරාබිය ගීතයයි.
 

නෙහාරාගේ අසභ්‍ය වීඩියෝව බොරුවක්ලු

පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සෙ පැතිර ගිය අසභ්‍ය වීඩියෝව තමාගේ නොවන බව නෙහාරා ලක්බිම පුවත්පතට සාකච්චාවක් ලබදෙමින් කියා සිටිනවා.

"මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්වය තේරුම් ගත්තා.

ඒ වගේම හැබැහින් මාව දැකලාවත් නැති රසික රසිකාවියෝ පවා මට හමු වු අවස්ථාවල ඔය ව්‍යාජ සිද්ධිය හින්දා හිත රිදවගන්න එපා කියලා මගේ හිත හදපු අවස්ථා තිබුනා.ඒත් හිතවත් කියලා මම හිතා හිටි ඇතැමි අය ඔය කථාව විශ්වාස කළා.සමහරු ඒක තව තවත් පතුරුවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා.

ගැනු ළමයකුට තමාගේ චරිතය ගැන මේ වගේ අභූත චෝදනාවක් අවොත් මානසිකව දැඩි ලෙස කඩා වැටෙනවා.ඇත්තටම ඔය සිද්ධිය නිසා මමත් විශාල ලෙස කළකිරුණා.ඒත් මගේ සැමියා,ගෙදර අය මගේ හිත හැදුවා".

ජීනා මැඩම් ගැන ඇත්ත කතාව

ධනවතුන්ගේ මෙන්ම මැති අමතිවරු,පොලිසියේ ඉහල නිලධාරීන් හමුදාවේ ඉහල නිලයන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන් නිතර යමින් එමින් සිය ලිංගික අසාවන් ඉටු කරගත් ජීනා මැඩම්ගේ සුපිරි ගණිකා මඩම පසුගිය දා වටලන ලදී. ජීනා මඩම් නමැති මහලු කාන්තාව මීගමුවේ පදිංචිකාරියකි.අගේ සැමියා මියොගොස් ඇති අතර දෙදරු මවකි.ඔවුන් පිරිමි දරුවන්ය.එක අයෙක්ට(දිනේෂ්) සමාජ ශාලාවක්  හිමි අතර අනෙක් පුතුට පෞද්ගලික ආරක්ෂක ආයතනයක් හිමිය.මවගේ සුපිරි ගණිකා මඩම පුතුන්ගේ ව්‍යාපාර හා බැදී තිබිණි.ඒ සමාජ ශාලාව පවත්වාගෙන යන පුතුගේ සමාජ ශාලාව සදහා ගණිකාවන් මව විසින් සපයන ලද අතර පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවතවාගෙන යන පුතාගේ ආයතනයෙන් මවට ආරක්ෂාව සැපයුවේය. 

නිමක් නැති වැටලීම්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව හා රැකවරණය මත පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා මඩම පොලිසිය විසින් පලවෙනි වරට වටලනු ලැබුවේ 1987 වසරේදීය.ඒ පොලිස් අධිකාරී චුලාද සිල්වා මහතා විසිනි. එම වැටලීම වෙනුවෙන් චුලා මහතාට හිමිවුණේ ස්ථාන මාරුවක් පමණි.


නැවතත් මේ සුපිරි ගණිකා නිවාසය වටලනු ලබන්නේ ඊට වසර දෙකකට(1989) පසුවය.ඒ එවකට නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.සෙනෙවිරත්න මහතා විසිනි. එවරද මෙම වැටලීම අවසානයේ ප්‍රභූවරුන්ගේ මැදිහත් වීමෙන් යට ගැසිනි.එහි ප්‍රතිපලයක් ලෙස පොලිසියට ජීනා මැඩම්ගේ මඩම තහනම් කලාපයක් වුවේය.

එම තහනම බිදෙන්නේ 2005 වසරේදීය.ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ දුෂණ මර්ධන ඒකකය විසිනි.2005 වසර වන විට ජීනා මඩම් පෙර පෙර සිටියක් මෙන් නොව මහා ධනපතිනියක්ව සිටියාය.ලිබර්ට්ය් ප්ලාසා හි 7 වන හා 8 වන මහලද තවත් නිවාස සංකීර්ණ කිහිපයක්ද ය සතු විය.ඒ වන විට ය සංචාරක විස යොදාගෙන රුසියාව චීනය වැනි රටවලින්ද සුරුපිනියන් ගෙනවිත් තිබිණි.කෙසේ නමුත් එම වැටලීමේ ප්‍රතිපලය වුයේ දුෂණ මර්ධන ඒකකය අක්‍රියව යාමයි.ඒ ඉහලින් ලද නියෝග මතයි.

ටී.බි ඒකනායක මාට්ටු
මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින ටි.බි ඒකනායක වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකයි.

2006දිත් ජීනා ඇල්ලුවා
නමුත් මෙය වැටලීම මෙතකින් අවසන් වුනේ නොමැත. 2006 දී දුෂණ මර්ධන ඒකකයෙහි ස්ථානාධිපති ව සිටි සිල්වා මහතා නැවතත් මෙම සුපිරි මඩම වටලුවේය..එහිදී ජීනා මඩම් ඇතුළු ගණිකාවන් රැසක් කොටු කරගැනීමට පොලිසියට හැකි විය.නමුත් එහි ප්‍රතිපලයද වුයේ සිල්වා මහතාට උතුරට මාරුවක් ලැබීමයි.නමුත් එම මාරුව ඔහු කල් දමා ගැනීමට සමත් විය.

අවසාන රියලිටි ශෝ එක
අවසාන වැටලීම සිදුවුයේ ගෝඨාබය රාජපක්ෂගේ අනින් පොලිස්පති අචාර්ය මහින්ද බාලසුරියගේ මැදිහත් වීම අනුවය.මෙම වැටලීම හුදෙක්ම දේශපාලන ගැටුමක් මත ඇතිවුවක් වන අතර රුපවාහිනී මාධ්‍යවලටද අරාධනා කරමින් කල ප්‍රදර්ශනාත්මක එකක් විය.කෙසේ හෝ අවරුදු ගණනක් වැටලීමෙන් ලත් පල පුරුද්දෙන් ද හෝ ජීනා මඩම් වෙස්වලාගෙන එන පිරිස පොලිසීයයි දැනගෙන පැනගත්තාය.

දේශපාලකයො දෙන්නෙක් ඇතුලේ
මෙම මඩමට ආණ්ඩු පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ නවක මන්ත්‍ර වරයෙක්ගේ සමීප සම්බන්ධතාවක් පවතින අතර ගණිකා නිවාසය වටලන අවස්ථාවේ ඒ තුල දේශපාලකයන් දෙදෙනෙක්ද සිටියහ.

ජීනා බබා වෙලා
ගණිකා නිවාසයෙන් පැන යන ජීනා මැඩම් අසුවන්නේ හෝර්ටන් පෙදෙසේ සිටි රුපලවන්‍යාගාරයක සිටයි.ඒ ඇයගේ හිසකෙස් වර්නගන්වගෙන වෙස් මාරු කිරිමට උත්සහ කිරීමට සුදානමින් සිටිනා විටකදීය.එහිදී ය පොලිසිය ඉදිරියේ මානසික රෝගී කාන්තාවක් ලෙස රගපා පොලිසිය නොමග යවන්නද උත්සහ ගත්තේය.

ජීනා වෙනුවෙන් සරත්
මෙම සිදුවීමේ ඇති ඊලග වැදගත් කාරණය වන්නේ රුපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ සිදුවීමේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනිසිටිමය.පසුගිය දිනක සරත් කෝන්ගහගේ ජීනා මැඩම්ගේ පලාගිය සුරුපිනියක සමග ජීනා මැඩම්ට අයත් නිවසකට ගොස් සිට ඇති බවද වාර්තා වේ.ජනාධිපති වරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඔහු දැන්වීම් පලකලේ සරත් ෆොන්සේකාගේ නමින් තමාගේ නමටත් අවමානයක් වනාවයි කියාගනිමින් නමේ ගෞරවය රැකීමටය.

අරලිය ගහ මැදුරේ සිටි සර්පයා හෙළි වේ


උඩරට ප්‍රදේශය නියෝජනය කරන භික්ෂුන් වහන්සේ නමක් දෙසතියකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට භූතයෙකු ආරූඩ වූ බව කියන තැනැත්තෙක් කැදවාගෙන ආවේය.

භූතයා අරලිය ගහ මන්දිරයේදී ද ආරූඩ විය. ඔහු කිව්වේ ජනාධිපතිතුම්ජ දීර්ඝ කාලයක් බලයේ සිටින බවයි.එතුමා ගන්න තීරණ නිවැරදි බවත් නිරන්තරයෙන් ජන ප්‍රසාදය රදවා ගන්න බවත් මේ තැනැත්තා කිවේය. ඔහු තව දුරටත් කිව්වේ අරලිය ගහ මැදුරේ සර්පයෙක් සිටින බවත් ඔහුගෙන් ප්‍රවේසම් විය යුතු බවයි. 

"කවදහරි ඔබතුමා අමාරුවේ වැටෙන්නේ මෙයාගෙන්.ඒ සර්පයා දෂ්ට කරන්න පෙර පරෙස්සම් වෙන්න".භූතයා වැසුණු තැනැත්තා එසේ කියා සර්පයාගේ නමද කිවේය.

සර්පයාගේ නම කුමක්දැයි කියා මාධ්‍යවලට හෙළි නොවිණි.නමුත් අපට ලැබෙන වාර්තා වලට අනුව ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් විශ්වාස කරන්නේ මෙම සර්පයා සජින් වාස් බවයි.ඒ ජනාධිපතිතුමාගේ රහස්‍ය මුල්‍ය සමන්ධිකාරක වශයෙන් සිට කරන නොයෙකුත් වැඩ කටයුතු නිසාය.පසුගිය කාලයේදී විදේශ කටයුතු අමත්‍යන්ශයටත් ඉහලින් සිට ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමන සංවිධානය කලේද සජින්ය.

ප‍්‍රියා සූරියසේනගේ දුව යුග දිවියට

ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රියා සූරියසේනගේ දියණිය වූ ඉරෝෂි සූරියසේන පසුගියදා යුග දිවියට එළඹුණා. ඇයගේ අත ගත් මනාලයා වූයේ කොළඹ පුද්ගලික බැංකුව සහකාර කළමනාකාර තනතුරක් හොබවන කසුන් පතිරගේයි.

කසුන්-ඉරෝෂි අතිනත ගත් දා

කියපු කෙනා අහු උනොත් කට කපනවා - මර්වින්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 15 වනදා පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් රැසක් පැමිණ සිටි අතර එක් අමාත්‍යවරයෙක් ඊට නුසුදුසු ඇඳුමකින් සැරසී පැමිණ සිටියා. ඒ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වායි. මර්වින් මෙම රැස්වීමට සහභාගී වී සිටියේ අත්කොට බතික් කමිසයකින් සැරසී ගෙනයි.


සුදුසු ඇඳුමකින් සැරසී ඒමට නොහැකි නම් පිටත්ව යන ලෙසත් සුදුසු ඇඳුමකින් සැරසී නැවත රැස්වීමට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවවාද කොට ඇත.


පාර්ලිමේන්තු රැස්වීම්වලට සුදුසු ඇඳුමකින් පැමිණීමේ අවශ්‍යතාවය මින් ඉහත අවස්ථාවලදීත් මතක් කරනු ලබුවේ පියසේන ගමගේ වැනි ඇමතිවරුන්ටයි.

මෙ අතර මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිය අමාත්‍යධුරයේ ඊයේ නිල වශයෙන් තම ධූරයේ වැඩ බාරගත්තේය.එහිදී ඔහු පවසා සිටියේ තමාගේ ඇදුම හරි නැතැයි ජනාධිපතිතුමා විසින් කැබිනට් රැස්වීමෙන් ඉවත් කල කතාව බොරුවක් බවත්. එම කතාව කැබිනට් එකේ කව්රුන් හෝ ලබාදුන්නේ නම් , ඔහු තමාට අහුවුනොත් දැලි පිහියෙන් කට කපන බවද පැවසීය

එයට අදාල වීඩියෝව

අනාගතයේදි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා - උදාරි

ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල ආන්දෝලනයට පත් උදාරි චාමිකා අද දිවයින පුවත්පතට සාකච්චාවක් ලබා දී තිබෙනවා.මේ එයින් කොටස් කිහිපයක්

ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක්‌ සඳහන් කළ හැකිද?
ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්‌ෂ සැක්‌සෆොන් වාදන ශිල්පියෙක්‌. සිරස සුපර්ස්‌ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්‌ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්‌වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.
 
ඔබේ අනාගත ඉලක්‌කයන් මොන වගේද?

"බොඳ මීදුම්" හරහා මගේ රංගන හැකියාවන් උපරිමයට ගෙන එන්නට උත්සහ කරන අතරම මගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගොස්‌ ළමුන් වෙනුවෙන් මනෝ විද්‍යාව හරහා ඔවුනට සමීප වීමට උත්සහ කරනවා. ඒ පිළිබඳ මුල් අදියරේ ඉගෙනුම් නිමාකර අවසන්. මගේ සැමියාද වෛද්‍යවරයකු නිසා මාද ඒ කාර්ය භාරය තේරුම් ගෙන ඇති නිසාත් ඒ හරහා සේවයක්‌ සිදු කරලීමට මේ අංශය තෝරාගත්තා. කලාව පිළිබඳව වැඩි දුරටත් හැදැරීමත්, ඒ ඔස්‌සේ දක්‌ෂ නිළියක වීමත් සැබෑ කරගත යුතු තවත් සිහිනයක්‌.
 

ඔබේ විවාහ දිවියේ මීළඟ බලාපොරොත්තුව වූ "පුංචි සිඟිත්තකු" පිළිබඳව ඔබ සිතන්නේ මොන විදිහටද?

මම ඇත්තටම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. ඔව්. මට තවම වයස 22 යි. තව වසර තුනකින් පමණ ඒ සිහිනයත් සැබෑ කර ගැනුමට අදහස්‌ කරනව. වෙනත් රටක පදිංචියට යැමටත් සැලසුම් කොට තිබෙනවා. ඒත් මගේ රට අමතක කරන්නට අදහස්‌ කරන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු විගස මෙහි පැමිණ කලාවට සේවයක්‌ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.


සම්පූර්ණ ලිපිය


 

TV හා FM වලින් විකාශනය වන ගීත සදහා ගෙවීමට මිලක් නියම වෙයි

විද්‍යුත් මාධ්‍ය මගින් විකාශනය කරන ලබන ගීතවල පද රචනය, සංගීතය හා ගායනයට හා රුපරචනයට දායක වූ නිර්මාණකරුවන්ට එම ගීත විකාශනය වෙන සෑම අවස්ථාවකදීම ගාස්තුවක් හෙවත් කර්තෘ භාගය ගෙවීම සදහා නීති මාලාවක් රජ‍ය විසින් පැනවීමට අදහස් කරයි. 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ගුවන් විදුලියෙන් විකාශනය වන ගීත සදහා රු 3ක්
ගුවන් විදුලියෙන් විකාශනයවන ගීතයක් සම්බන්ධයෙන් එක විකාශන වාරයක් පද හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3 ක් ද,සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3ක් හා ගායනයක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3 ක්ද ගෙවිය යුතු වේ. 

රූපවාහිනියෙන් විකාශනය වන ගීත සදහා රු. 10ක්
රූපවාහිනියෙන් විකාශනයවන ගීතයක් සම්බන්ධයෙන් එක විකාශන වාරයක් සදහා හෝ පද කොටසක් වෙනුවෙන් රුපියල් 10 ක් ද සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 10 ක්ද ගායනයක් වෙනුවෙන් රුපියල් 10ක්ද ගෙවිය යුතුය.ගීතයක රුපරචනය විකාශනය කරන සෑම අවස්ථාවකදීම රුපියල් 10 ක් එහි නිෂ්පාදකයාට ලබාදිය යුතුය.

මේ අනුව මෙතෙක් කල් රිසි සේ ගීත විකාශනය කල ගුවන් විදුලි සේවා වලට හා රුපවාහිනී සේවා වලට ගීත විකාශනදී දෙවරක් සිතා බැලීමට සිදු වන අතර ගායකයන්ට රුපරචන නිෂ්පාදකයන්ට ගීත රචකයන්ට හොද කලක් ලබනු ඇති.

ලක්ෂමන් හුළුගල්ල ගේ සත් එෆ්.එම් කොට උඩ


ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මඩ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාගේ බිරිද සභාපති ලේස කටයුතු කරන සත් එෆ්.එම්  ගුවන් විදුලි සේවහි සේවකයන්ට පසුගිය මාස 4 ක කාලය තුළ එම සේවකයින් හට නියමිත ආකාරයට වැටුප් ලබා දී නොමැති අතර සේවය කරමින් සිටි සමහර මාධ්‍යවෙදින් හා කාර්මික ශිල්පින් අනිවාර්ය නිවාඩු යවා ඇත. 

සේවකයන් වැටුප් ගෙවලත් නෑ
සේවකයන් හට වැටුප් ගෙවීම මග හැරීම සදහා වැටුප් ගෙවීමේදී සමහර අවස්ථාවන්වල කොටස් වශයෙන් එම වැටුප් ලබා දීම හා විවිධ චෝදනා එල්ල කර වැටුප් කපාහැරීම හෝ සේවයෙන් පහ කිරීම සිදුකරනු ලබන බව වාර්තා වේ.කෙසේ නමුත් මේ පිලිබදව සේවකයින් ජනාධිපතිතුමාද දැනුවත් කර ඇත. 


ලක්ෂමන්ට රූපවාහිනියෙ මුල් පුටුවක්?
මේ ආකාරයට සත් එෆ්.එම් සේවය සේවකයන්ට පඩි ලබා නොදීම අවසන් කිරීමට වැයමක් දරන්නේ දැනට ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාට ජාතික රුපවාහිනියේ ඉහල පුටුවක් ලැබීමට නියමිත නිසා බවද වාර්තාවේ.



සත් මිලිදී ගන්න සෝමා එදිරිසිංහ
කෙසේ නමුත් බංකොලොත්ව සිටින සත්.එෆ්.එම් කිලදී ගැනීම සදහා සෝමා එදිරිසිංහ මැතිනිය ඉදිරිපත්වී සිටිනවා.ශ්‍රී එෆ්.එම් හා රන් එෆ්.එම් හි හිමිකාරිත්වයද සෝම එදිරිසිංහ සතුවනවා.

අධීක්ශණ මන්ත්‍රී මාෆියාව


පසුගියදා ජනාධිපතිතුමා විසින් ආරක්ෂක හා විදේශ අමාත්‍යංශ අධීක්ශණය සදහා අධීක්ශණ මන්ත්‍රීවරුන් පත්කොට ඇත.දුමින්ද සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යංශය අධීක්ශණය සදහාත් සජින් වාස් මහතා විදේශ අමාත්‍යංශය සදහාත් අධීක්ශණ මන්ත්‍රීවරු ලෙස පත්කොට ඇත.

මොවුන් සියලු දෙනාම ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබුවෝ වෙති.මෙම අමාත්‍යංශ අධීක්ශණය කිරීමට මොවුන්ට ඇති සුදුසුකම් අපි නොදනිමු.එහෙත් සජින් වාස් විදේශ අමාත්‍යංශය අධීක්ෂණය ඇමති ධුරයට පෙර සිටම එයට බලපෑම් කරමින් මතබේදයට තුඩු දුන් ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමන් සුදානම් කල බව කාටත් රහසක් නොවේ.

මෙම අධීක්ශණ ඇමති ධුරය ආරම්භ කලේ ප්‍රේමදාස ජනාධිපතිය.නමුත් ඒ කාලයට වඩා දැන් අධීක්ශණ ඇමතිවරුන්ට ලැබෙන පහසුකම් බොහෝ වැඩිවී ඇත.

අධීක්ශණ මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමන

  • අදාළ අමාත්‍යංශය මගින් වාහනයක් ලබා දීම
  • එම වාහනය සදහා සීමාවකින් තොරව ඉන්ධන ලබා දීම
  • දුරකථන පහසුකම් සිමාරහිතව ලබාදීම
  • අමාත්‍යංශය මගින් කාර්යාලයක් හා සේවකයන් ලබා දීම
  • අමාත්‍යංශය සදහා ලැබෙන විදේශ සංචාර ඇමතිවරයාගේ අභිමතය පරිදි ලබා ගත හැකි වීම.
අධීක්ශණ මන්ත්‍රී = නිල නොවන ඇමති
මේ ඔවුන්ට ලබා දී ඇති දීමනා වලින් කොටසක් පමණි.මෙම තනතුරේ ඇමති යන වචනය නොමැති වුවත් මෙම තනතුර සදහා ලැබෙන වරප්‍රසාද නිසා මෙය බොහෝ දෙන හදුන්වන්නේ නිල නොවන ඇමති තනතුරක් ලෙසයි.කෙසේ නමුත් මෙම පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම අප්‍රසාදය පල වී ඇත.

විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි


මහජන අදහස් විමසීම මුලාවක්

අද උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට පැමිණ ගාස්තු වැඩිකිරීම පිලිබද අදහස් පළ කිරීමට මහජනතාවටත් අවස්ථාවක් ලබා දී ඇති නමුත් සාමාන්‍ය ජනයාට මේ සදහා අවස්ථාව ලැබී නැහ.විශාල සමාගම් කිහිපයක නියෝජිතයන්ගෙන් පමණක් අදහස් විමසීමට කටයුතු යොදා ඇත.

නිල්නෙතුගේ විවාහය?


ස්වාධින රුපවහින්ය ඔස්සේ විකාශනය වූ සුලග ටෙලි නාට්‍යයේත් ස්වර්නවාහිනියෙහි විකාශනය වන නිල්නෙතු ටෙලි නාට්‍යයේත් ඉමහත් ජනප්‍රියතත්වයට පත් අශා එදිරිසිංහ ගේ විවාහය බොහෝ පිරිසකට තවමත් රහසක්.අශා-චරිත් විවාහය සිදුවුයේ පසු ගිය වසරේ දෙසැම්බර් 4 වනදායි. නමුත් පුවත්පත් වලට ඇය තවමත් මේ පිලිබදව හෙළි කරන්නේ නෑ.පහත දැක්වෙන්නේ අශා මෙම සතියේ නවලිය පුවත්පතට ලබා දුන් සාකච්චාවකි.

පදිංචිය සැරින් සැරේ මාරු කරන්නේ ඇයි?

මගේ වැඩ කටයුතු වලට පහසුවක් නිසා.

කාටවත් බයේද?

නැහැ.මම කාටවත් බය නැහැ. ඇරත් මම කාටවත් වරදක් කරලා නැහැ.

ආදරේ ගැන මොකද හිතන්නේ?

සුන්දරයි. විදින්න ඕන දෙයක්

ඔබ ආදරේ විඳිනවද?

ඔව් අම්මගෙන් තාත්තාගෙන්.

වෙන?

ඒක පස්සේ කියන්නම්

ඒ කියන්නේ ඔබ ආදරේ විඳිනවා?

මම ආදරේ විඳිනවා

තරුණ නිලියන් විවාහය ප්‍රමාද කරනවා?

නැහැ මන් හිතන්නේ තමන් හොයන ආදරේ ලැබුනම කිසිම තරුණියක් තමන්ගේ විවාහය ප්‍රමාද කරන්නේ නැහැ.

ඔබට?

මටත් ඒක පොදුයි.

උමාරා යුග දිවියට

Update 12/14
උමාරා - රිෆ්කි අතිනත ගත් දා


සේයාරූ - කසුන් රත්නායක | CLiK
---------------------------------------------------------------------------------------------------------------------
12/12
ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ අද රිෆ්කි ෆහ්මි සමග යුග දිවියට එළඹුනා.අපට වාර්තා වන පරිදි ඇගේ අතගත් මනාලයා ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙක්.ඔහු පදිංචිව සිටින්නේ හොංකොං බවත් වාර්තා වෙනවා.

ගැහැනියක් පිරිමියෙක් වූ අපූරු කතාව

මිස් කෝල් එකෙන් ආරම්භ වූ ප්‍රේම කතාව 
දෙවිනුවර ගන්ධරවත්තේ පදිංචි ඇය 23 හැවරිදි ඇගලුම් සේවිකාවකි.තුරුණු වියේ පසුවන ඇයට තම කුලුදුල් පෙම්වතා මුණගැසුනේ මිස්කෝල් එකක මාර්ගයෙනි.දුරකතනයෙන් ආරම්භවූ කතා බහ ප්‍රේම කතාවකට හැරෙන්නේ ඉතාමත් ඉක්මනිනි.


මම හමුදාවේ වැඩ කරන්නේ
"මම යුද හමුදාවේ වැඩ කරන්නේ. මට කියල කාත් කව්රුවත් නෑ.අම්මයි තාත්තයි දෙන්නම් නැති වෙලා."මේ අයුරෙන් දුරකතනයෙන් හාද වූ පෙමට මාස 6ක්ම ගතවුණු අතර ඇය තම දෙමව්පියන්ටද සිය පෙම්වතා ගැන දැනුම් දුන්නාය.ඒ අනුව ඔහු ඇයව බැලීමට පැමිණෙන්නේ ඔහුගේ මිතුරෙකුත් සමගයි.බලු බැල්මට කඩවසම් පෙනුමක් තිබු තරුණයට අයගේ සිත ඇදී ගියත් ඇයගේ පියා මෙයට විරුද්ධ වුයේ ඔහු ඇයට වඩා උසින් අඩු වීමයි.

මේ වගෙ කෙනෙක් ලැබෙන්න ඔයාලගේ දුව වාසනාවන්තයි
"මෙය හොද කෙනෙක්.අපේ කදවුරේ මේ වගේ ගති තියෙන කෙනක් හොයා ගන්න නෑ.ඇත්තටම ඔයාලගේ දුව වාසනාවන්තයි." එසේ පැවසුවේ ඔහු සමග පැමිණි ඔහුගේ මිතුරායි.ඒ අනුව දෙමව්පියන්ගේ කැමැත්තද ඔහුට ලැබුන අතර ඒ අවසරයෙන් ඔහු නිවසට යෑම ඒම ද කරන්න පටන් ගත්තේය. තම හමුදාවේ වැඩ කරන බව සනාත කිරිඉමට ජායාරුපයක් ඇයට ලබාදුන් අතර මෙම සමය රණවිරුවන් පිළිබද ඉහලින්ම කතාකෙරුන කාලයක් නිසා දෙමව්පියන්ටද ඔහුගේ අගය වැඩි විය.

වෙනසක් නැති මධුසමය
මේ අතරතුර තමාට යුද හමුදාවේ හිමි වරප්‍රසාද ලබා ගැනීම සදහා විවාහ වෙමුයි හදිසියේ ඔහු යෝජනා කළේය.දෙමව්පියන්ගෙන් හදිසි විවාහයකට කැමැත්ත නොලැබෙන නිසා ඔවුන් දේපල හොර රහසේ විවාහ විය. පසුව ඒ පිලිබදව දෙමව්පියන්ටද දන්වනු ලැබූ අතර වෙන කරන්න දෙයක් නැති නිසාවෙන් එයට එකග වූ ඔවුන් ඔවුන් දෙදෙනාට මධු සමය ගත කිරිමට කාමරයක් සකස් කොට දුනි. නමුත් මධු සමය නම් ඇයට විශේෂයක් වුයේ නොමැත. ඔවුන් කාමරයට ආ විලසින්ම පසු දින උදෑසනම එලියට පැමිණියේය.

ගෙදරට එන්නේ ඔසප් දිනවල
ඉන්පසු රැකියාව සදහා පිටව යන බව පවසා ඔහු නිවසින් නික්ම ගිය අතර ඉඩ ලැබෙන සම අවස්තාවකදීම ඔහු තරුණියට කතා කළේය.පෙම් හසුන් එව්වේය.
ඔහු නැවත පැමිණයේ මාස දෙක තුනකට වරකි.එම දවස් තරුණියට විශේෂ දවස් විය.එනම් සැම ස්ත්‍රියකටම සිදුවන ශාරීරික ක්‍රියාවලිය සිදුවන කාල පරිච්චේදියෙදිය.ඒ අනුව පැමිණෙන සම දිනම ඔහු තදින් මත පැන් බී සිටියේය.මත්පැන් වලට අමතරව නීති විරෝධී මත ද්‍රව්‍ය ද පාවිච්චි කිරිමට ඔහු ඇබ්බැහි වී ඇත. 

 සැම දිනකම අග සේදීම වැනි කටයුතු අදුරේ රහසේ සිදු කල අතර බිරිද එවැනි තැන් වලට සුදානම් වුවහොත් සැර පරුෂ වී ඇත.පපුවේ යම් කිසි වෙනසක් පෙනුනත් ඒ ව්‍යායාම වැඩි නිසයි කිවේය.විවාහ වී මාස 10ක් ගත වුවත් තරුණියගේ මුහුණ සිප ගැනීම හැරෙන්න වෙන කිසිවක් සිදු නොවිණි.මේ නිසාම තරුණියට ඔහු පිළිබද සැකයක් ඇති වන්නට විය. 

සරමක් අන්දන්න හිතිලා කලිසම ගලවලා
දිනක් ඇගේ සැමියා අධික බිමත්ව ගෙදර පැමිණි විට කිසිදා උඩුකය නිරාවරණය නොකර සිටින ඔහුගේ කලිසම හා කමිසය ගලවා සරමක් ඇද බැලීමට තරුණියට සිත් විය.කලිසම ගලවන අවස්ථාවේ ඔහුට ඒ කිසිවක් දැනුනේ නැත්තේ අධික බිමත් කම නිසාවෙනි. කලිසම ගලවන විට ඇයට ඉබේටම කෑ ගැසිනි. 

ඒ ශබ්දයට ඇගේ මව හා පියාද කාමරයට දිව ආ අතර ඔහුගේ ඉනේ සුදු නුල් පොටක් දක්නට ලැබිණි.එම අවාසනාවන්ත දර්ශනයත් සමග තරුණියට දැකගන්න ලැබුනේ තමා විවාහ කරගෙන සිටින්නේ තරුණයෙක් නොව කාන්තාවක්  බවයි. 

මානසික රෝගි එක්දරු මවක්
ඒ අනුව මේ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු විය. පසුව හෙළිදරව් වූ තොඅරතුරුවලට අනුව ප්රිරිමියෙක් ලෙස පෙනී සිටි කාන්තාව අවුරුදු 32 ක් වයසැති එක්දරු මවකි.ඇගේ දරුවා හදවත් රෝගයකින් මියගොස ඇති අතර සැමියාද සුනාමි ව්‍යවසනයෙන් මියගොස් ඇත.මෙය මානසික රෝගයක් මත ඇති වූ තත්වයක් බව වෙද්‍යවරුන් මත පළකරයි.

නවතම ජායාරූප එකතුවන් (12/12)

Jewel 2010 ප්‍රදර්ශනය 

ODEL විලාසිතා

"හිරු සදු" රූගත කිරීම් අතරතුර

විකී ලීක්ස් හෙලිකල ලංකාවේ යුධ අපරාධ?

සුරංගි කෝසලාගේ මැලේසියානු සංචාරය 

ක්‍රිකට් තරග කල් යෑමේ සැගවුනු කතාව


ශ්‍රීලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාසය තෙක් කල් දැමීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට සිදු වුනා. දිවයින පුරා ඇදහැලෙන වර්ෂාව නිසා මෙම තරගය නැවැත්වූ බව ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී.එස්.ද සිල්වා මහතා කියාසිටියත් එයට අමතරව තවත් හේතුන් මේ සදහා බලපානු ලැබුවා.
 

පල්ලෙකැලේ පැවති ක්‍රිකට් තරගය වර්ෂාව නිසා සේදී යාමෙන් අනතුරුව කණ්ඩායම් දෙක සුරිය වැව බලා පිටත් වුවද එවන විටත් එම ප්‍රදේශයටත් ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්මින් පැවතුනා.

පාඩුව ඩොලර් මිලියන 2.5
ටෙන්ස් ස්පොර්ට්ස් ආයතනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල සිය මවුබිමේදී තරග වදින තරග විකාශය කිරීමේ අයිතිය හිමිකරගෙන සිටින අතර පල්ලෙකැලේ ක්‍රිකට් තරගය වර්ෂාවෙන් සේදීයාම නිසා ඩොලර් මිලියන 2.5 ක පාඩුවක් දැරීමට සිදු විය. 

ක්‍රීඩාගාරයේ වැසිකිලි නෑ
වර්ෂාව වෙනුවෙන් තරගය නැවත්වීමට සිදුවීම සත්‍යක්‌ වුවද වර්ෂාවට වඩා කොදෙව් පිලගේ විරෝධය මතුවුයේ ඔවුන්ට ලබා දී තිබුන අඩු පහසුකම් නිසාවෙනි.ක්‍රීඩාගාරයේ වැසිකිලි නිසියාකාරව නිම කොට නොතිබුන අතර සමහර වැසිකිලි වල ජල සැපයුමද නොවිය.ක්‍රීඩාගාරය අසලකවත් "ජිම්" එකක් නොවූ නිසා ක්‍රීඩකයන්ට සිදු වුයේ කකා බිබී දවස ගත කරන්නටයි.

දෙලොවක් අතර මැදි වී
ජාත්‍යන්තර තරග පිටියක ICC ය ලබාදීමට නියමිත කර තිබෙන මුලික පහසුකම් සම්පුර්ණ කර තිබිය යුතු අතර ඒ කිසිවක් ක්‍රිකට් බලධාරීන් විසින් සම්පුර්ණ කොට තිබුනේ නැත.කොදෙව්වන්ගෙන් දැඩි විරෝධයක් පලවූ නිසා කොදෙව් බලධාරීන් සමග සාකච්චා කිරිමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පියවර ගත් අතර එහිදී ටෙන්ස් ස්පොර්ට්ස් ආයතනය කියා සිටියේ තරගාවලිය කල්දමිමෙන් හෝ නොපවත්විමෙන් තමන්ට සිදුවන පාඩුව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දරන්නට සිදුවනු ඇතැයි යනුවෙන්.

කොදෙව්වන් බලෙන්ම යන්න හදලා
මේ නිසා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට සිදු වුයේ කොදෙව් පිලේ විරෝධතාවයට හා ටෙන්ස් ස්පොර්ට්ස් පාඩුවට මැදි විමටයි.ඒ අනුව අවසන් තීරණය ගැනීම තවදුරටත් ප්‍රමාද කළේය.නමුත් එවන විටත් කොදෙව් පිල තම බස් රථයේ නැග කොළඹ හෝටලයකද වෙන් කරගෙන පිටත් වීමට සුදානමෙන් සිටියේය.නමුත් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාමට නොදුන්නේ ආරක්ෂාව සදහා පිරිස් යෙදවිය නොහැකි බව කියමින්.

බස්රථයේ රියැදුර අතුරුදන්
එයට දැඩි විරෝධතාවයක් දැක්වූ කොදෙව් කණ්ඩායම කොළඹ බල පිඅටත් විමට උතසහ කලද ඒ වන විට බස්රථයේ රියැදුර අතුරුදන් වී සිටියේය.මෙම ක්‍රීඩාංගන ඉදිකිරිම නිරීක්ෂණය සදහා හෙලිකොප්ටර් පවා පාවිච්චි කරමින් ගමන් යන ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ක්‍රීඩාංගනයේ මුලික පහසුකම්වත් සැපයීම කෙරෙහි උනන්දු නොවීම පුදුමයට කරුණකි.සියල්ල හොදින් සිදුවන බව ජනාධිපතිතුමාට පෙන්වුවද තරගාවලිය පැවැත්වීමට අදාල පහසුකම් සැපයීමට තවම නොහැකිවීම බැරෑරුම් තත්වයකි.

මුරලි වෙනුවට මහින්ද?
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් නමින් නම් කිරීමට කලින් එකගව සිටියත් දැන් එම තීරණයද වෙනස් වී ඇතැයි ආරංචි වේ.ඒ අනුව ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය නමින් නම් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.

පාඩුව අපිට!
කොදෙව් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරගාවලිය අවලංගු කිරිමට සිදුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ටෙනස් ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාවට රුපියල් මිලියන 50ක් ගෙවීමට සිදුව ඇතැයිද  වාර්තා වේ.

නදී නිදහස් වූ දා


ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වය  ලබාගැනීම සදහා වීසා ලබා ගැනීමට සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා කරමින් 2009 වසරේ අප්‍රේල් මාසයේදී ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකර පවරනු ලැබූ නඩුවෙන් ඇය පසුගිය දා නිදහස් විය.

ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී යුග දිවියට

Update 12/10

මාධවී-ආලෝක අතිනත ගත් දා


-------------------------------------------------------------------------------------------------------------------
ප්‍රවීන චිත්‍රපට නළු/ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී වත්සලා එළබෙන දෙවන දා විවාහ විමට සුදානම් වනවා.ඒ ප්‍රවීන කලාකරුවෙක් වන හේමසිරි ලියනගේ ගේ පුතුණුවන් වන ආලෝක සුවන්න ලියනගේ සමගින්.

ඔහු වෘතියෙන් ශල්‍ය වෙද්‍යවරයෙක්.ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩ නැගී ඇත්තේ මාධවී අසනීපව රෝහල්ගතවූ අවස්ථාවකයි.මේ වනවිට මාධවීට වයස අවුරුදු 22 ක් වනවා.විවාහ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විමට සුදානම් කර ඇති අතර එදින උදැසන දෙව්මැදුරේ දේව මෙහය පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දෙව් මදුරෙය.

ආචාර්ය වික්‍රමබාහු කොටි වෙනුවෙන් පෙනී සිටියි!

 Update 12/9

කොටි හිටියද දන්නෙ නෑ - වික්‍රමබාහු

තමා ලන්ඩනයේදී රැස්‌වීම් 20 ක්‌ පමණ ඇමතූ බවත්,එහිදී ශ්‍රී ලංකාවේ පවතින රජයට විරුද්ධව තමා මෙහිදී රැස්‌වීම් ඇමතූ බවත් එම රැස්‌වීම් වලට සහභාගි වූ ශ්‍රී ලාංකික පිරිස අතර කොටි හිතවාදීන් සිටියේ දැයි කියා තමා නොදන්නා බව වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ජනාධිපති තුමාට එරෙහිව පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය රාත්‍රියේ තිබූ නිසා සිතලේ ගැහි ගැහී එම උද්ඝෝෂණයට සහභාගි වීමට තමාට අවශ්‍ය නොවූ බව ද ඔහු තවදුරටත් පැවසීය.

-----------------------------------------------------------------------------------------------------------------
ලංකාවේ උතුරු , නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවිම සම්බන්ධයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සහ බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් යන සංවිධානය අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙනවා.

මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය 25 වනදා එක්සත් රාජධානිය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමබාහු මහතා එහි South Harrow හි බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතා කතාවක් පවත්වා තිබෙනවා.මෙම උත්සවය මහා විරු දිනය සමානව පැවැත් වූ උත්සවයක්.එහිදී සිදු කෙරුනේ යුද්ධයෙන් මිය ගිය LTTE සාමාජිකයන් සිහිපත් කිරිමයි.

LTTE සංවිධානය විසින් කලකට පෙර නිකුත් කල ඇති දැන්වීමක ඔවුන්ගේ එක් සලකුණක් වන නියගලා මල ඇති අන්දම බලන්න. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයදී ද එම ලකුණ ඇති අන්දම බලන්න. 


  
පහත දැක්වෙන්නේ කොටි විසින් මහවිරු දිනය වෙනුවෙන් සැකසු පෝස්ටරයක්.එයට සමානව ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයෙහි වේදිකාව සකස්කොට ඇත. 


ඔහු විසින් කල කතාව

නවතම ජායාරූප එකතුවන් (12/08)

සුපර් සික්ස් නවතම එකතුව
දෙරණ මනාලි පාටිය

තුන්වෙනි එකා හැදීමට පෙර!

2011 වසර සදහා ඉදිරිපත්කල අයවැයෙහි එක් යෝජනාවක් වුයේ රණවිරු පවුලක උපදින තුන්වන දරුවා සදහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවයි. මේ ඒ පිලිබදව ලියවුන අපුරු කවිපන්තියක්.