බදුල්ලේ නිධන් හාරන නිමල් සිරිපාල ගේ ගෝලයෝ

බදුල්ල, ගලඋඩ, තලාකුඹුර , නුගගහහේන ප්‍රදේශයේ නිධානයක් ගොඩගනිමින් සිටි තිදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙය පෞද්ගලික ඉඩමක සංවර්ධන කටයුත්තක් සිදුකරන මුවාවෙන් සිදුකරන ලද්දක් බව වාර්තා විය.

එසේම ඉඩම් හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කරනු දක්නට ලැබුණි.

මෙහි මාධ්‍යට හෙළි නොවූ පැත්ත මෙසේය.


ඉඩම් හිමිකරු අන්කවරෙකු නොව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රබල ආධාර කරුවෙකු වන "ඩකන්" නොහොත් සිරිමෙවන් ජයසේකර නමැති මිනීමැරුම් චෝදනා ඇති නිධන් හොරෙකි.

තවද මොහු, හාලිඇල නගරයේ ලංකා බැංකුවේ සිදුවූ කොටිගනනක මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වූ තිලක් ජයසේකර නමැති අයගේ සහෝදරයෙකි. මොවුන් දෙදෙනාම දේශපාලන සහ මුදල් වලට මුවා වෙමින් රටේ සාමාන්‍ය නීතිය තුට්ටුවකට මායිම් නොකරන පාතාලයන් දෙදෙනෙකි.

මෙම පුරාවස්තු මංකොල්ලකෑම "ඩකන්" ගේ පළමු අවස්තාව නොවේ. ප්‍රාදේශීය දේශපාලකයන්ට මුවාවී මොවුන් කරන නොපනත් කම් බොහෝය.

මෙය සත්‍ය වශයෙන්ම නිදන් හැරීමක් වන අතර සිරිමෙවන් ජයසේකර අත්අඩංගුවට නොගන්නේ ඔහු සතු මුදල් සහ දේශපාලන සවිය නිසාය. පොලිසිය අසරණ තත්වයකට පත්වී ඇති අතර මෙවන් අපරාධ දෙස ඔවුන්ට බලාසිටීමට සිදුවී ඇත්තේ තවමත් අප රට තුල මුදල් බලයට හා දේශපාලන බලයට මුවාවී ඔනෑම පාදඩ වැඩක් කර බේරී සිටීමට හැකි බැවිනි.

වතුර බහින්නේ පහත් තැනින් සේම නිදන් කොල්ලවලට හසුවන්නේ අහිංසක කම්කරුවන් ය. සිරිමෙවන් ජයසේකර "ඩකන් මහත්තයා" ලෙස කිසිම චෝදනාවක් නැතිව දේශපාලන සමාජය තුල වැජඹෙමින්, දේශපාලුවන්ට තම ධනය වියදම් කරමින් රිසිසේ තම කටයුතු කරගෙන යයි.

-සම්බන්ධිත පුවත්-
නිධන් හෑරීම රට පුරා ජයටම
නිධන් හෑරූ STF සෙබළුන් ගම්වාසීන්ට කොටුවේ
අම්බුළුවාවේ නිධන් හෑරූවේ අගමැති- අම්බුළුවාවේ විහාරාධිපති

Related Posts Plugin for WordPress, Blogger...